“මගේ දුව හරි අහිංසකයි. මේකප් ටිකක්වත් දාන කෙනෙක් නෙමෙයි” ගීතා කුමාරසිංහ දුව ගැන කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

“මගේ දුව හරි අහිංසකයි. මේකප් ටිකක්වත් දාන කෙනෙක් නෙමෙයි” ගීතා කුමාරසිංහ දුව ගැන කතා කරයි

ද්විත්ව පුරවැසි භාවය පිළිබදව තමන්ට එරෙහි නඩුවෙන් තම දියණියටද අපහාස සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පවසනවා. පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශකර ඇත්තේ නඩුවට වඩා තමන් ඒ පිළිබඳව දුක්වන බවයි.

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය එහිදී මෙලෙස සඳහන්කර තිබෙනවා.

” මගේ දුව හරි අහිංසක ළමයෙක්. මේකප් ටිකක්වත් දාන කෙනෙක් නෙමෙයි. කිසිම සත්ව ආහාරයක් අඩුම ගානේ කිරි ටිකක්වත් බොන්නේ නෑ. මගේ දුව ඇමරිකාවේ ආචාර්ය උපාධිය ලබා ගත් කෙනෙක්. ඇයත් ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය සේවය කරනවා. ඇය බොහොම නිදහසේ සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. වාහනයක් අරන් දෙන්න හැදුවට කැමතිත් නෑ. එයා හම්බකරලා ගන්නම්ලු. බස් එකේ කෝච්චියේ යන්නේ එන්නේ. 


අඩුම ගානේ එයා වැඩ කරන කාර්යාලයේ අයවත් දන්නේ නෑ මම එයාගේ අම්මා කියලා. එහෙම අහිංසක ළමයට තමා අපහාස කලේ. වෙනත් අයගේ නිරුවත් ජායාරූප මගේ දුවගේ නමින් පලකරලා තිබුනා. ඒ ළමයාගේ ආත්ම ගෞරවය විනාශකරා. ඒ ගැන මට හරි දුකයි. ඇයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ කියලා මම තාම හිතනවා.” යනුවෙන් ප්‍රකාශකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad