අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ.
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි. අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වගඋත්තරකරුවන් ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම ජූලි මස 12 වනදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.
එජාප සාමාජිකයෙකු නොවන සරත් ෆොන්සේකා මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කිරීම නීතියට පටහැණි බව පෙත්සම්කරු විසින් පෙන්වාදී ඇත. එම නිසා අදාළ පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Wednesday, May 17, 2017
ෆොන්සේකාගේ මන්ත‍්‍රීධූරයට තට්ටු වෙයි ? – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment