කිරුළපන, පොල්හේන්ගොඩ සිය නිවස අසල නවතා තිබු රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතාගේ ජීප් රථය අද (23) අලුයම හදිසියේ ගිනිගෙන ඇතැයි වාර්තා වේ. මෙය කෙසේ සිදුවුනිදැයි තමන් නොදන්නා බව ද අද අලුයම 3 ට පමණ සිද්ධිය වු බව ද සංජය ලීලාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
රස පරීක්ෂකවරයාගේ වාර්තා අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් මෙය ගිනි තැබීමක් ද ගිනි ගැනීමක් ද යන්න තවම නිශ්චිත නොමැති බවත් පොලීසිය පැවසී ය. කෙසේවෙතත් වාහනයේ විදුලි කාන්දුවක් මීට බලපා ඇතැයි ද පොලිසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:
Post a Comment