පළව ඇත්තේ බොරු - මම මොකවත් ඉල්ලුවේ නෑ – ඇමැති ගයන්ත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

පළව ඇත්තේ බොරු - මම මොකවත් ඉල්ලුවේ නෑ – ඇමැති ගයන්ත

තමන් කිසිදු ආයතනයක්‌ තම ඉඩම් අමාත්‍යාංශය වෙත ඉල්ලා නැතැයි ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති. ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.




“ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතන තුනක්‌ ගයන්ත ඉඩම් අමාත්‍යාංශයට ඉල්ලයි” යන මැයෙන් පුවත්පත් වල ඊයේ (25 දා) දින පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධව අදහස්‌ පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මා ඉතා පැහැදිලිව කිව යුතුයි කිසිදු ආකාරයකින් මා ඔය කියන ආයතන ජනාධිපතිතුමා ගෙන් වාචිකව හෝ ලිඛිතව ඉල්ලා නැහැ. මා එය ඉතාම වගකීමෙන් කියන්නේ. මෙය අසත්‍ය ප්‍රවෘත්තියක්‌. ඔය කියන ආයතන ජනමාධ්‍ය හෝ සංස්‌කෘතික අමාත්‍යාංශයට අයත් ආයතන. ඒවා මගේ දිස්‌ත්‍රික්‌කයට බලපාන ආයතන නොවෙයි. මට නව අමාත්‍යාංශය භාරදුන් පසුව ඒ ගැන වචනයක්‌වත් ජනාධිපතිතුමා සමඟ කතා කළේ නැහැ.

මම කිසිදු තනතුරක්‌ ඉල්ලලා අරගෙන නැහැ. මට රටපුරා වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක්‌ ලැබිලා තිබෙනවා. ඒ නව අමාත්‍යාංශයට ආයතන ගැසට්‌ කිරීම ගැනවත් මා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා සමඟ කතා කර නැහැ යෑයි වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad