ශෂීගේ කූඨ ලේඛන අධිකරණයෙන් මිසින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ශෂීගේ කූඨ ලේඛන අධිකරණයෙන් මිසින්

විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා
ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) අධිකරණයේ දී කරුණු වාර්තා විය.

කූට ලේඛන ඉදිරිපත් කළ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව එල්ල වී ඇති
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය බාරදී තිබිණි.

මෙම බලපත් අස්ථානගතවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ කරුණූ දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් මහතා එම ඉල්ලීමක් කළේය. ඒ අනුව, ඇගේ විදෙස් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියට නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad