මහාචාර්ය සිරි ගුණසිංහ කැනඩාවේදී සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

මහාචාර්ය සිරි ගුණසිංහ කැනඩාවේදී සමුගනී


ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා ඊයේ(25) කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියාහිදී
අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92වැනි වියේ පසුවූ හෙතෙම සිංහල කවියකු, නවකතාකරුවෙකි, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ලෙස ප්‍රකට නමක් දිනා සිටියේය.

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ දී මූලික අධ්‍යාපනය ලද ඔහු 1942 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ ගුණසිංහ මහතා පේරාදෙණි ගුරුකුලය තුළ ප්‍රකට චරිතයක් විය. 1970 සිට කැනඩාවේ පදිංචියට ගිය සිරි ගුණසිංහ මහතා එවක පටන් එරට වික්ටෝරියා විශ්ව
විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය.

අබිනික්මන‘  ‘රතු කැකුළ‘ ‘හෙවනැල්ල‘  ‘මන්දාරම‘ කෘතීන් මෙන්ම සරසවි සම්මාන ගණනාවක් දිනූ “සත් සමුදුර” චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ  එකකි.

No comments:

Post a Comment

Post Bottom Ad