කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්

කැලණි ගඟ පිටාරයාම නැවත අවදානමේ
රත්නපුර , ගාල්ල , මාතර, කළුතර වැසි අනතුරු

මරණ 2 ක් හා අතුරුදන්වීම කිහිපයක්

රත්නපුර , ගාල්ල , මාතර, කළුතර දිස්ත‍්‍රික් ඇතුළු බොහෝ ප‍්‍රදේශවලට ඊයේ රාත‍්‍රීයේ තද වැසි ඇතිවීමෙන් අනතුරු කිහිපයක්ම වාර්තාවී තිබේ. ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි දන්වා තිබේ.

සපුගස්කන්ද, හෙයියං තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට අඩි 20ක් පමණ උස තාප්පයක් හා පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ. බුලත්සිංහල - මහගම බෝගහවත්ත ප‍්‍රදේශයේ පස්

කන්දක් නායගොස් තිබෙන අතර නාය යන අවස්ථාවේ පුද්ගලයින් පිරිසක් එම ස්ථානයේ සිට එයට යටවූ බව කියැවෙතත් තවම වැඩි විස්තර වාර්තා නොවේ.

පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම නිසා එම ස්ථානයට සහන කණ්ඩායම්වලට ළගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත. බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවද වාර්තා විය.

ගිං ගගේ හා නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නෙලූව, හබරකඩ ,මොරවක, යක්කලමුල්ල, ඉමදූව, වල්පොල,  බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇත. හුංගම ප්‍රදේශයට බලපා ඇති අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් තංගල්ල – කතරගම මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් ජලයෙන් යටව ඇතැයි පොලීසිය පවසයි. ඒ අනව එම ප්‍ර දේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත ප්‍රදේශ ද ජලයෙන් යටවී ඇති බව වාර්තා විය. කිරම ඔය පිටාර ගැලීම නිසා මාතර - කඹුරුපිටිය සහ මුලටියන ප්‍රදේශවල පහත්බිම්වල
ජනතාවටද ඉවත් වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කලවාන, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ අතර තංගල්ල ප්‍ර දේශයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තංගල්ල – වීරකැටිය මාර්ගය, තංගල්ල- තිස්ස මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් පොලීසිය පවසයි. ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කර ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන්
හමුදාව යොදවා තිබෙනවා.

අද (26දා) පෙ.ව. 5.30න් අවසන් වූ පැය 21 ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනය සබරගමුව පළාතට බලපා තිබේ. එ මිල මීටර් 196.7ක් වශයෙනි. එහිදී රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල විවිධ ප්‍ර දේශයන් සඳහා දැඩි වර්ෂාපතනයක් පතිත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකද දැක්වෙයි. එසේම අද දිනයේද දිවයිනේ පළාත් කිහිපයකට මිල මීටර් 150 ඉක්ම වූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad