60 පැන්න කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවන් හදලා කරන නරක වැඩක් ගැන හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

60 පැන්න කෝටිපති ව්‍යාපාරිකයා තරුණියන් අඹුකමට අරන් දරුවන් හදලා කරන නරක වැඩක් ගැන හෙළිවෙයි

අවුරුදු එකහමාරක පමණ දරුවෙකු සමඟ කාන්තාවක් බොරැල්ල පොලිසියට පැමිණ ඇත්තේ සැමියා ගැන පැමිණිල්ලක් කිරීමටයි. බිරිඳ - සැමියා අතර ප්‍රශ්න පොලිස් පොතේ ලිය වීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා.  නමුත් මේ පැමිණිල්ල සුවිශේෂී එකක් වෙලා තියෙනවා.

ඇය පැමිණිල්ල ගොනු කර ඇත්තේ ප්‍රදේශයේ 60 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකුට එරෙහිවයි. පැමිණිලිකාර 33 හැවිරිදි කාන්තාව පසුගිය 07 වන දා බොරැල්ල පොලිසියට පැමිණි අවස්ථාවේ එම ව්‍යාපාරිකයා පැමිණ ඇත්තේ අවුරුදු 29ක් වන තවත් ගැබිණි කාන්තාවක් සමඟයි. ඇය ව්‍යාපාරිකයාගේ 5 වන අනියම් බිරිඳ බවයි පවසා ඇත්තේ. පැමිණිල්ල දමා ඇත්තේද ඔහුගේ 4වන අනියම් බිරිඳ විසිනි.

පොලිසියේ දී හෙළි වූ පරිදි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දරුවන් 2නෙකු ද , පළමු අනියම් බිරිඳට දරුවන් 2දෙදෙනෙකු ද , දෙවන අනියම් බිරිඳට එක් දරුවෙක් ද, තුන් වන අනියම් බිරිඳට දරුවන් 2දෙනෙකු ද, 4වන අනියම් බිරිඳට එක් දරුවෙක් ද, සිටියි. කෝටිපති ව්‍යාපාරිකයා සිය නීත්‍යානුකූල බිරිඳ සමග වාසය නොකරන අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට රැකියාව සඳහා පැමිණෙන තරුණියන් අනියම් භාර්යාවන් ලෙස තබා ගන්නා බව පැමිණිලිකාරිය පොලිසියට පවසා තිබෙනවා.

"මමත් මෙයාගේ වැඩපළට රස්සාවට ආවා. පස්සේ මාව බඳිනවා කියා පොරොන්දු වුනා. මෙයා කියපු දේවල් විශ්වාස කරලා අනිතීමේ දී මට මෙයාගෙන් දරුවෙක් ලැබුණා. මේ ඉන්නේ ඒ දරුවා. දරුවා ලැබිලා වැඩි කලක් ගියේ නෑ, මාත් එක්ක නිතර රංඩු වෙලා මට හිරිහැර කරලා මෙයාගේ කොළඹ ගෙදරින් පන්නා ගත්තා. මෙයා කෝටිපති ව්‍යාපාරිකයෙක්, ඒත් මාත් දරුවටයි ජීවත් වෙන්න සල්ලි ඉල්ලුවට දෙන්නේ නෑ"

"මම මෙයා ගැන සොයා බැලුවා. නීත්‍යනුකුල බිරිඳ පන්නා දැම්මට පස්සේ වරින්වර තරුණියන් අනියම් භාර්යාවන් ලෙස ගෙදර තියාගෙන ඉඳලා තියෙනවා. පස්සේ දරුවන් ලැබුනාම පන්නගෙන තියෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න මෙයාගේ 5 වන අනියම් බිරිඳවත් දරුවා ලැබුනාට පස්සේ පන්න ගෙන තව කෙනෙක් ගෙනත් තියා ගනියි. තරුණියන් රවටා අඹුකමට අරන් ඇවිත් දරුවෝ හදලා පස්සේ පන්න ගන්න එක මෙයාගේ විනොදාංශයක්." ඇය කඳුළු වගුරුවමින් මෙලෙස පවසා තිබෙනවා.

පොලිසිය ඇයට උපදෙස් දී ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගෙන් නඩත්තු ඉල්ලා අධිකරණයේ නඩුවක් පවරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad