
ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මිහින්තලේ ආසන සංවිධායක ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතා ද, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙක් ලෙස උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා ද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලැබීය. මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (23) දහවල් ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය.
මීට පෙර 1954 වසරේදී හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන ශී‍්‍රමත් ජෝන් කොතලාවල මහතා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ලද ආරාධනයක් මත එහි නිල සංචාරයක නිරත වුවද නිදහස් ශී‍්‍ර ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මීට පෙර රාජ්‍ය නායක මට්ටමේ සංචාරයක් සඳහා ඔස්ටේ‍්‍රලියාවෙන් නිල ඇරයුම් ලැබී නොතිබුණි. හෙට පෙරවරුවේ ඔස්ටේ‍්‍රලියාවට ළඟාවන ජනාධිපතිවරයා හෙට පෙරවරුවේම කැන්බරා නුවර පැවැත්වෙන වැඩසටහන් රැසකට එක්වනු ඇත.
No comments:
Post a Comment