බාල වයස්කාර පාසල් සිසුවකුට අවස්ථා කිහිපයකදී බරපතළ ලිංගික අතවරක් සිදුකළ බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළ බිරියකට චෝදනා තුනකට වසර හත බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියම කළා. විත්තිකාරියට නියම කළ සිරදඩුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින් වූ ලිහිල් වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළා.
විත්තිකාරියට දරුවකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියම කළ වසර තුනක සිර දඩුවම එකවර ගෙවී යන අයුරින් ක්‍රියාත්මක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මෙසේ සිර දඩුවම් නියම වූයේ වයස අවුරුදු 28ක් වූ ප්‍රියංගිකා සමන් කුමාරී නමැති විවාහක තරුණ කාන්තාවටයි.
විත්තිකාරිය විසින් 2011 මැයි මස 20 වැනිදා සිට 2012 මැයි මස 18 වැනිදා දක්වා කාලය අතරතුරදී මහවිලච්චිය පොලිස් වසමේ පදිංචිව සිටින වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් දරුවකුට බරපතල ලිංගික අතවරයක් සිදුකර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ)2 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි බරපතළ වරදක් සිදුකර තිබෙන බවට නීතිපතිවරය විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
දඩුවම් නියම වූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරත වීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් විත්තිකාරිය රාත්‍රී කාලයේ නිදා ගැනීමට වින්දිත දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව විසින් වින්දිත බාලවයස්කාර දරුවාව නිවසට කැදවාගෙන පැමිණ දරුවාට බරපතළ ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී කියවුණා.
විත්තිකාරිය පොලීසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා තිබුණේ බාල වයස්කරු විසින් විටින් විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකළ බවයි. එහෙත් අධිකරණයේ පැවැති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගා තිබූ චෝදනාවන් සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පුකිරීම සදහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරු බව නිගමනය කරන බව විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පවසමින් ඇයට දඩුවම් නියම කළා.
Tuesday, May 16, 2017
අවුරුදු 16යේ සිසුවාට අතවර කළ 28 තරුණියට අනුරාධපුර අධිකරණයෙන් ලැබිච්ච දඬුවම
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment