ජනපතිගේ සයිටම් විසඳුම පිළිගන්නේ නෑ -වර්ජන දිගටම කරනවා- GMOA - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

ජනපතිගේ සයිටම් විසඳුම පිළිගන්නේ නෑ -වර්ජන දිගටම කරනවා- GMOA


ඊයේ පුවත්පත් කතුවරුන් හමුවේ අදහස් දක්වමින් සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදී ඇති වෙනම පාලක මණ්‌ඩලයක්‌ පත් කළ යුතු විසඳුමට එකඟ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ

කළේය.

ජනාධිපතිවරයාගේ විසඳුම සම්බන්ධව සයිටම් ආයතනයට එරෙහි වෘත්තීය සමිති සියය සමඟ ඊයේම සාකච්ඡා කළ බව ද එහිදී එකී විසඳුමට එකඟ නොවීමට සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

 ජනාධිපතිවරයා කර ඇති යෝජනාවෙන් පෙනී යන්නේ දැනට තිබෙන සයිටම් පාලනය වැරැදි බව මෙන්ම පුහුණුව ප්‍රමාණවත් නොමැති බව සහ ඔවුන් විභාගවලට පෙනී සිටිය යුතු බව කියන ඔහු සයිටම් අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයා යම්තාක්‌ දුරට කරුණු තේරුම් ගෙන තිබීම ගැන සතුටුවන බව කියා සිටියේය. 

එහෙත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බව අවසන් තීන්දුවෙන් පැවසෙන බවත් සයිටම් සඳහා පාලක මණ්‌ඩලයක්‌ පත්කිරීම නොව ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ එය රජයට පවරා ගැනීම බව පවසන ඔහු තමන්ගේ අඛණ්ඩ විරේධතාවන් ඉදිරියටත් ක්‍රියාත්මක වන බව දන්වා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad