පාළු නිවසක් අසල ගිනිගනිමින් තිබූ ත්‍රී රෝද රථයක තිබී පිළිස්සුණු... මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙසින් පිළිස්සී මියගිය... පුද්ගලයා සියදිවි හානි
කරගෙන ඇති බවට තහවුරු වී ඇති බව මාතර, කොටවිල පොලීසිය පවසයි. අනියම් සබදතාවක් හේතුවෙන් අදාළ පුද්ගලයා සියදිවි හානි කරගෙන ඇති බව තහවුරු වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
අද(30) අළුයම මාතර, කොටවිල, සුල්තානාගොඩ ප්‍රදේශයේ වාහන දෙකක් ගිනි ගන්නා බවට පොලීසියට පණිවිඩයක් ලැබී ඇති බව සඳහන්වේ. ඒ අනුව පොලීසිය අදාළ ස්ථානයට ගෙස් ඇති අතර ඒ වන විටත් මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගිනිගනිමින් තිබූ බව පොලීසිය පැවසුවේය.
පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ත්‍රීරෝද රථය පිටුපස තිබී පිළිස්සුණු මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය පිළිබඳ කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Sunday, April 30, 2017
ගිනිගනිමින් තිබූ ත්‍රී රෝද රථයේ.. පිළිස්සුණු මළ සිරුරක්....
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment