ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගතවූ බහුබලී චිත්‍රපටයේ දෙවැන්න මෙන්ම අවසන් කොටස ද වන ‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ දෙමල සහ හින්දි බසින් 28 වැනිදා සිට මෙරට තිරගත වුණා.
එය මේ වනවිට ශ්‍රී ලංකාවේ පෙන්වීම අත්හිටුවා තිබෙනවා. ඒ,සිනමාහල් 18ක එය ප්‍රදර්ශණය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසායි. සිනමා ශාලාවට ලැබෙන ප්‍රතිලාභ අඩු කිරීම සහ සිනමා ශාලා දෙකකට එය ප්‍රදර්ශණය සඳහා ලබා නොදීම නිසා මෙලෙස සිනමාහල් 18ක එය ප්‍රදර්ශණය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තෙළිගු සිනමාවේ සහ දමිළ සිනමාවේ සුපිරි තාරකාවන් වන ප්‍රබාස් – ෂිවුදු ලෙසින්ද , රානා ඩග්ගුබාති ‐ බල්ලාලා දේවා ලෙසින්, අනුෂ්කා ෂෙට්ටි -මහාරානි දේවාසේනා ලෙසින්ද , තමන්නා‐අවන්තිකා ලෙසින්ද , සත්‍යරාජ් ‐ කටප්පා ලෙසින්ද සහ රම්‍යා ක්‍රිෂ්ණන් ‐ ෂිවගාමී ලෙසින් මෙම චිත්‍රපටයේ රංගනයට එක්ව සිටිනවා.
අති සුපිරි තාක්ෂණයෙන් නිර්මාණය කෙරී ඇති බහුබලී‐2 චිත්‍රපටය ඉන්දීය රුපියල් බිලියන 2.5කට අධික පිරිවැය දරමින් නිපදවා ඇති අතර එය ඉන්දියාව මූලික කර ගත් මිත්‍යා කතාවක් හා සටන්කාමී ලෙසින් නිර්මාණය කෙරුණු වෘත්තාන්ත චිත්‍රපටයක් වනවා.
Sunday, April 30, 2017
‘බහුබලී 2 ‐ ද කන්ක්ලූෂන්’ ලංකාවේ පෙන්වීම අත්හිටුවයි! (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment