වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රුපියල් 6,000 ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ඉල්ලිමක් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ගුරු සහයකයින් විසින් සිදුකල ඉල්ලීම් මෙන්ම පවත්නා ජීවන වියදමද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පත්‍රිකාවකට ලද අනුමැතියට අනුව මෙම දීමනාව වැඩිකිරීම සිදුකර ඇති අතර එය 2017 වසරේ පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදීමට තීරණය වී තිබෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:
Post a Comment