ලබන ජුනි 08 වෙනි දින බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව BBC ලෝක සේවය පවසයි.
යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතානයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කර තිබේ..
ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, එයින් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කර ඇති අතර කොන්සර්වේටිව් - ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් බදාදා (අප්‍රේල් 18) පැවැත්වීමට නියමිතය.
2020 දී වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වනතුරු මහ මැතිවරණයක් කැඳවීමේ අදහසක් නොමැති බව අගමැතිනිය මීට පෙර කිහිප වතාවක්ම අවධාරණය කර තිබේ.
Tuesday, April 18, 2017
බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment