හෝමාගම එජාප සංවිධායක ධුරය කාටද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

හෝමාගම එජාප සංවිධායක ධුරය කාටද?

එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ධුරය දරන බස්නාහිර පළාත් විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා රෝගාතුරව සිටින බැවින් ආසනයේ සංවිධාන කටයුතු පස්දෙනෙකුගෙන් යුක්ත කමිටුවකට භාර දීමට එම පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පවසයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් Info Sri Lanka News වෙත අදහස් දැක්වූ එම ප්‍රකාශකයා පැවසුවේ කිසි ලෙසකින්වත් මංජු ශ්‍රී අරංගල මහතාගේ සංවිධායක ධුරය ඉවත් කිරීමට කටයුතු නොකරන බවයි. අදාළ කමිටුව මංජු ශ්‍රී අරංගල මහතා සුව අතට හැරෙන තුරු පත්කරන තාවකාලික කමිටුවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නමුත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව Info Sri Lanka News වෙත වාර්තා වන්නේ හෝමාගම ආසනය බන්දුල ගුණවර්ධන සහ ගාමිණි තිලකසිරි සමඟ සටන් කර එජාපයට ජය අත්කර දිය හැකි සංවිධායකවරයෙකු වෙත පිරිනැමීමේ සුදානමක් ඇති බවයි.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ අමාත්‍ය චම්පික රණවක හෝ විමල් වීරවංශ හෝමාගම ආසන සංවිධායක ධුරයට පත් වීමේ වැඩි ඉඩකඩක් ඇති බවයි.



උපුටා ගැනීම : Info Sri Lanka News

No comments:

Post a Comment

Post Bottom Ad