සිරස FM නාලිකාවේ ප්‍රධානී ජ්‍යේෂ්ට මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා අද (18) තමන් දැරූ තනතුරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සභාපතිනී ශාන්ති බගිදරන් මහත්මිය සමඟ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් බව වාර්තා වේ. එකී මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස කිංස්ලි රත්නායක මහතා තම ඉල්ලා අස්වීම ආයතනයේ පාලන අධිකාරිය වෙත භාර දී, තමන් සතු බඩු බාහිරාදිය රැගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
කිංස්ලි රත්නායක මහතා 1993 වසරේ සිට සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි.
Tuesday, April 18, 2017
කිංස්ලි රත්නායක 'සිරසෙන්' ඉල්ලා අස්වෙයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment