උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. අමෙරිකානු හා දකුණු කොරියානු බලධාරීන් ඒ පිළිබඳ තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් එය කොතරම් දුරකට විහිද යන මිසයිලයක්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. මිසයිලය උතුරු කොරියානු පාලන ප‍්‍රදේශයෙන් ඉවතට නොගිය බවටයි අමෙරිකානු හමුදා අංශ පවසා ඇත්තේ. එහෙත් දකුණු කොරියානු හමුදා අංශ පවසන්නේ අද අලූයම උතුරු කොරියාවේ අගනුවරට උතුරින් වූ ප‍්‍රදේශයකින් මිසයිලය නිකුත් වී ඇති බවයි.
මෙම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව ද මෙතෙක් නිල වශයෙන් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැහැ. කෙසේ වෙතත් ඔවුන් මෙම මිසයිල අත්හදා බැලීම සිදු කළේ කොරියානු කාලපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබියදීයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව බලපෑම් කිරීමට සහය වන්නැයි අමෙරිකාව සෙසු රටවලින් ඉල්ලීමක් කර පැය කිහිපයකින් පසු මෙම මිසයිලය අත්හදා බලා තිබීම ද විශේෂත්වයක්.
මේ උතුරු කොරියාව ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන බවට නිකුත් කළ වීඩියෝව....
Saturday, April 29, 2017
Home
එතෙර පුවත්
උතුරු කොරියානු මිසයිල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරිය ඉලක්ක කරන බව වීඩියෝවකින්ම මුළු ලෝකයටම පෙන්වයි
උතුරු කොරියානු මිසයිල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරිය ඉලක්ක කරන බව වීඩියෝවකින්ම මුළු ලෝකයටම පෙන්වයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment