දිනකට උණ රෝගීන් 1500කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසයි. මේ වන විට රෝහල තුළ 300කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඉන් 200 දෙනෙකු ඩෙංගු රෝගීන් බවත් එහි අධ්‍යක්ෂ දිමුතු රත්නායක මහත්මිය සඳහන් කළේය.
තවත් 25 දෙනෙකු පමණ AH1N1 රෝගීන් බවට හඳුනාගෙන තිබේ.
දෛනිකව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගන්නා උණ රෝගීන් සංඛ්‍යාව 1500කට ආසන්න බව වාර්තා වේ. ඉතා දුර බැහැර රෝහල්වලින් හා පෞද්ගලික රෝහල්වලින් රෝගීන් මාරු කර එවීම හේතුවෙන් රෝහලේ තදබදය වැඩි වී තිබේ.
ප්‍රතිකාර සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය හා ඖෂධ හිඟයකින් තොරව රෝහලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂවරිය පැවසී ය.

No comments:
Post a Comment