රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපතිවරයාගේ නිල රථය සඳහා වෙන් කර ඇති බවට සිදු කරනු ලබන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
කවුරුන් හෝ පිරිසක් විසින් මෙම සංඛ්‍යා හිතා මතා ප‍්‍රකාශ කරන බවත් මෙවැනි දෙයක් සමාජය ඉදිරියේ ප‍්‍රකාශ කිරීම නැතිනම් අත්වැරුද්දක් විය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් සිටින විට ඔහු විසින් සිදු කරනු ලැබු වියදම්වලින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන්නේ සියයට 2 ක් හෝ 3 ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

No comments:
Post a Comment