ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්‌වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2 න් පසුවත්, නැගෙනහිර, බස්‌නාහිර සහ දකුණු පළාත්වලට උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්‌නාහිර, වයඹ, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලට මිමි 100 ඉක්‌මවා තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්‌වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වටින්විට වැසි ඇති විය හැකිය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්‌වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැ.කි.මි. 40 දක්‌වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැ.කි.මි. 60-70 ක් පමණ තද සුළං සහ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:
Post a Comment