පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීමෙන් පසු එක් එක් පළාත් පාලන ආයතනය සඳහා තෝරා පත් කරනු ලබන නියෝජිතයන් සංඛ්‍යාව පිළිබඳ ගැසට් නිවේදනය මේ වන තෙක් නිකුත් වී නොමැති බව වාර්තා වේ.
එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරෙන තෙක් පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමද ප්‍රමාද වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පනතට එක් කළ යුතු සංශෝධන නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයා වෙතින් අදාළ සංශෝධන ලැබුණු වහාම අනුමැතිය සඳහා ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් එක් එක් පළාත් පාලන ආයතනය සඳහා තෝරා පත් කෙරෙන සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවද රජයේ මුද්‍රණාලය වෙත අදාළ ගැසට් පත්‍රය මෙතෙක් භාර දී නොමැති බවත් ගැසට් පත්‍රයක් සඳහා අංකයක් වෙන් කරගෙන ඇති බවත් රජය මුද්‍රණාලයේ ආරංචි මාර්ග පැවසී ය.
අදාළ ගැසට් නිවේදනය නිකුත් කර පනතට සංශෝධන ඇතුළත් කරන තෙක් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමට දින නියම කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
No comments:
Post a Comment