ආණ්ඩු පක්ෂ වෘත්තීය සමිති එක්ක මහින්ද රහස් සාකච්ඡා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

ආණ්ඩු පක්ෂ වෘත්තීය සමිති එක්ක මහින්ද රහස් සාකච්ඡා

ඒකාබද්ධ විපක්‍ෂයේ ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වීමට නියමිත මැයි රැලියට ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ කිහිපයකට අනුබද්ධ ප්‍රබල වෘත්තීය සමිති රැසක නියෝජිතයන් විශාල පිරිසක් සහභාගිවීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් එවැනි සංවිධාන රැසක නියෝජිතයන් පිරිසක් සමඟ සාකච්ඡා වට කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුව සමඟ කටයුතු කරන සුළු පක්‍ෂ කිහිපයක නායකයන් ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලියට සහභාගිවීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කෙළේය.

No comments:

Post a Comment

Post Bottom Ad