නව ගුවන් පථය ප්‍රමිතියෙන් තොරයි ගුවන් තොටුපලේ ඉංජිනේරුවන්ගෙන් චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

නව ගුවන් පථය ප්‍රමිතියෙන් තොරයි ගුවන් තොටුපලේ ඉංජිනේරුවන්ගෙන් චෝදනා

පසුගියදා ප්‍රතිසංස්කරණය කළ කටුනායක ගුවන් තොටුපලේ ධාවන පථය නිසි ප්‍රමිතියක් නොමැති බැවින් A 380 විශාල ප්‍රමාණයේ ගුවන් යානා ගොදබස්සවිම අනතුරුදායක බව ගුවන් තොටුපලේ ඉංජිනේරුවන් චෝදනා කර සිටිනවා.

මිටර් 60 ක්ව පැවති ධාවන පථය මිටර් 75 දක්වා පළල් කිරීමේදී මිටර් 15ක කොටස අලුතෙන් කාපට් කළද වසර 30ක පැරණි පැවති ධාවන පථය යථා තත්වයට පත්ව නොමැති වීම මෙම අවදානම් තත්වයට හේතුව බවයි ඔවුන් කියා සිටින්නේ.

2002 වසරේ දී ප්‍රතිසංස්කරණය කළ යුතු වුවද එසේ නොකිරීම හේතුවෙන් ඊට ජාත්‍යන්තර තත්ත්ව සහතිකය නොලැබීමේ හැකියාවක් පවතින බවයි ගුවන් තොටුපලේ ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad