නාසා ආයතනය දැවැන්ත හෙළිදරව්වකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

නාසා ආයතනය දැවැන්ත හෙළිදරව්වකට සැරසෙයි

නාසා ආයතනය මෙම සති අගදී දැවැන්ත හෙළිදරව්වකට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරනවා

අභ්‍යවකාශය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල නවතම ප්‍රගතිය පිළිබඳ හෙළි කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සුදානම් බවයි වාර්තා වෙන්නේ. එහිදී සෞරග්‍රහ මණ්ඩලයේ පවතින ග්‍රහලෝකවල මුහුදු පිළිබඳව නවතම අනාවරණයන් සිදුවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම විශේෂ මාධ්‍ය හමුව වෙනුවෙන් විද්‍යාඥයන් රැසක් ද සහභාගී වීමට නියමිතයි. අමරිකාවේ වොෂිංටන් නුවර පිහිටි නාසා ආයතන ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන මෙම මාධ්‍ය හමුව ලොව පුරා සජීවිව විකාශය කිරීමට ද නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් මෙතෙක් සිදු වූ පරීක්ෂණවලදී පිටසක්වල ජීවීන් පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කරන්නේද යන්න පිළිබඳව පැහැදිළිව සඳහන් කර නැහැ.

No comments:

Post a Comment

Post Bottom Ad