ජනපති බලතල හොඳයි - රාජිත කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

ජනපති බලතල හොඳයි - රාජිත කියයි

ජනපති බලතල හොඳයි - රාජිත කියයි
ඇතැම් අවස්ථාවල දී ජනාධිපති බලතල තිබිය යුතු බව 'තමාට සිතෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ(11) තෙල්දෙනිය මුලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
"මම විධායක ජනාධිපති බලතල භාවිත කිරීමට 1977 වසරේ සිට විරුද්ධ වූ පුද්ගලයෙක්. නමුත් ඇතැම් අවස්ථාවල දී මට සිතෙනවා ජනාධිපති බලතල තිබිය යුතු බව. ඊට හේතුව කැබිනට් මණ්ඩලයට ඇතැම් යෝජනා ගෙනඒමෙි දී විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් ජනාධිපතිවරයා විනිශ්චය සභාවෙි සිට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු එම යෝජනාවලින් මම ජයගන්නවා. එම නිසා ඇතැම් අවස්ථාවල දී මට හිතෙනවා ජනාධිපති බලතල තිබීම හොදයි කියලා.” 
"ඖෂධ සමාගම්, දුම්කොළ සමාගම් අපට විරුද්ධව මඩ ගහනවා. මාධ්‍යවෙිදීන් මුදලට මිල දී ගන්නවා. ඊට හේතුව ඖෂධ මිල අඩු කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ වංචා අවම කිරීමයි. එම බලෙවිග වලට මුහුණදීමට මම සුදානම්. වර්තමානයේ රට පාලනය කරන්නේ අවිහිංසාවාදී නායකයෙක්. ජනතාව වෙනුවෙන් සාධාරණ විසදුම් ලබා දෙනවා. පසුගිය කාලයේ මහරජාණන්ට බයේ සැගවී සිටි අය දැන් කරලියට ඇවිත් විරෝධතා පවත්වනවා. 

අපි බණ්ඩාරනායක මහතාගෙන් දේශපාලන පාඩමක් ඉගෙන ගත්තා. බණ්ඩාරනායක මහතාට සිදු වූ දෙය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ. යහපාලනය තිබෙන්නේ ජනතාව වෙනුවෙන්. මේ රට විනාශ කළ පුද්ගලයින්ට බලයට ඒමට ඉඩ ලබාදෙන්නේ නැහැ. ඔවුන් විසින් සිදු කළ දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන තොරතුරු තව ටික කලකින් හෙළිදරවි කරනවා. එම පරික්ෂණ ටිකක් ප්‍රමාදයි. සරත් ෆොන්සේකා මහතාගේ නඩු විසදපු ආකාරයට අපි නඩු විසදන්නේ නැහැ.”  යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad