මීතොටමුල්ල ගැන විවාදයක් දෙන්න - අගමැති දැනුම්දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 21, 2017

මීතොටමුල්ල ගැන විවාදයක් දෙන්න - අගමැති දැනුම්දෙයි

මීතොටමුල්ල ගැන විවාදයක් දෙන්න - අගමැති දැනුම්දෙයි
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් නාය යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබෙන පාර්ලිමේන්තු විවාදය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය මහතාට ඊයේ (20) දැනුම් දුන්නේය.

තිහකට අධික ජීවිත ගණනාවක් අහිමි කරමින් මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීමට ඉඩ දෙමින් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට අගමැතිවරයා තීරණය කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad