සයිටම් ගැන වෛද්‍ය සභාව තීරණාත්මක තීන්දුවකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

සයිටම් ගැන වෛද්‍ය සභාව තීරණාත්මක තීන්දුවකට සැරසෙයි

සයිටම් ගැන වෛද්‍ය සභාව තීරණාත්මක තීන්දුවකට සැරසෙයි

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ගන්නා තීන්දුව ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 17 වැනිදා වෛද්‍ය සභාවේ සාමාජිකයන් 21දෙනා රැස්වීමට නියමිත අතර එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අදහස් කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

මේ වනවිට සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන්ද අවධානය යොමු කර වෛද්‍ය සභාවේ තීරණයන් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad