ආනන්ද-නාලන්ද සහ ඩීඑස්-ඩීඑස් වලි නිසා 6 දෙනෙකු රෝහලේ 5 දෙනෙකු රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ආනන්ද-නාලන්ද සහ ඩීඑස්-ඩීඑස් වලි නිසා 6 දෙනෙකු රෝහලේ 5 දෙනෙකු රිමාන්ඩ්

ආනන්ද-නාලන්ද සහ ඩීඑස්-ඩීඑස් වලි නිසා
6 දෙනෙකු රෝහලේ 5 දෙනෙකු රිමාන්ඩ්

අද (15) සවස පාසල් නිමවී පාසල් බස් රථවල ගමන් කරමින් සිටි කොළඹ ආනන්ද හා නාලන්ද දෙවිදුහල් අතර සිසු පිරිස් කිසියම් පුද්ගලික කෝන්තරයක් මත ගැටුමකට මැදිව ඇතැයි
වාර්තාවේ.මෙහිදී 138 (හෝමාගම) හා 120(කැස්බෑව) පාසල් බස් රථ
නවතාගෙන ඒවායේ වීදුරු බිඳ ගනිමින් ගැටුම දරුණු ලෙස දුරදිග ගිය අතර සිද්ධිය නිසා තුවාල ලද තුන් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන්නට සිදුව ඇත. ආනන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සහ නාලන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු රෝහලට ඇතුළත් කරන ලදි.පාසල පිටතදී විශාල පිරිස් බලා සිටියදී මෙම ගැටුම සිදුව ඇත.

මේ අතර කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේද අද පාසල තුළ විනය සම්බන්ධ වෙනත් කාරණාවක් මත ශිෂ්‍ය නායක දෙපිරිසක් අතර ගැටුමක් සිදුව තිබේ.ඉන් තුවාල ලැබූ 3 දෙනෙකුද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බොරැල්ල පොලිසිය සිද්ධි ගැන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad