යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්

යතුරුපැදි ලියාපදිංචියට තවත් සහන කාලයක්

නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ලබාදී ඇති සහන කාලය දෙමසකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ සහන කාලය පසුගිය ජනවාරි 31 දායින් අවසන් වූ අතර එම කාලය  තුළදී එන්ජින් ධාරිතාව 450cc දක්වා වන යතුරුපැදි 1558 ක් ලියාපදිංචි කර තිබේ. එසේම තවත් යතුරුපැදි 2500ක් පමණ පරීක්ෂාවට යොමු කිරීමට ඉල්ලුම් කර ඇත.

මෙම සහන කාලය නැවත වරක් මාස 2කින් දීර්ඝ කිරීමත් සමග එළඹෙන මාර්තු 31 දින දක්වා එය බල පැවැත්වේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad