ලංගමට නව බස් රථ 1000ක් ගන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

ලංගමට නව බස් රථ 1000ක් ගන්න යයි

ලංගමට නව බස් රථ 1000ක් ගන්න යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 1000 මිලදී ගැනීමට රජයේ තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජයේ ණය ආධාර යටතේ උස් පසුපස ආසන ඇන්ද සහිත, ආසන 40-46 (2X2) නව මගී බස්රථ 900ක් හා වායු සමීකරණය කරන ලද පතුළ පහත් සුඛෝපභෝගී බස්රථ 100ක් මෙසේ මිලදී ගැනීමට ගැනීමට නියමිතය.

පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂම කරමින් ඒ සඳහා මගීන්ගේ අකර්ශණය දිනා ගැනීම සඳහා මෙම වැඩසටන ක්‍රියාත්මක කරයි.

බස් රථ මිලදි ගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.   

 

No comments:

Post a Comment

Post Bottom Ad