අතුරලියේ රතන හිමිට එරෙහිව විනය පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

අතුරලියේ රතන හිමිට එරෙහිව විනය පරීක්ෂණ

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරීමට ඉඩ නොදීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරකසභාව තීරණ කර ඇති බව එහි සමසභාපති පූජ්‍ය හැඬිගල්ලේ විමලසාර හිමියන් පවසති.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්
කරමින් උන් වහන්සේ පවසා සිටියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ පක්ෂයේ මධ්‍යම කාරකසභාව විසින් ගන්නා ලද තීරණය ලියාපදිංචි තැපැලෙන් රතන හිමියන් වෙත යැවුවද එය උන්වහන්සේට නොලැබුණ බව මාධ්‍ය ප්‍රකාශ කර ඇති බවයි.

නමුත් එය නියත වශයෙන්ම රතන හිමියන්ට ලැබී ඇති අතර මේ පිළිබඳ ලබන 17 වන දින නැවත මධ්‍යම කාරකසභාවක් රැස්වීමට නියමිත අතර එහිදී රතන හිමියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග වුව ද ගැනීමට ඉඩ ඇතැයි ද මෙහිදී කියා සිටියේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad