සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට

සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට

ඉමහත් ආන්දෝලනයකට ලක්ව ඇති පළාත් පාලන කොට්ඨාස සීමානිර්ණ අභියාචනා වාර්තාව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පෙබරවාරි 17 වැනිදා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පවසයි.

කොට්ඨාස සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාවේ දමිළ භාෂාවෙන් නිකුත් කිරීමට නියමිත වාර්තාවේ දෝෂ 500ක් පමණ තිබූ බවත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන වාර්තාවේ දෝෂ 300ක් පමණ තිබූ බවත් ‍ලේකම්වරයා පැවැසීය.

එම වාර්තාවේ පැවැති දෝෂ කිහිපයක් නිවැරදි කිරීම සඳහා මෙම කමිටු වාර්තාව ගැසට් කිරීම මේ දක්වා ප්‍රමාද විය. මෙම වාර්තාව ප්‍රමාද වීමෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වන බවද විවිධ චෝදනා ඉදිරිපත් විය.

ඉකුත් ජනවාරි 31 දිනට පෙර එම වාර්තාව ගැසට් කරන බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කොට තිබුණත් අක්ෂර දෝෂ නිවැරදි කිරීම සහ පරිවර්තනවල නොගැලපීම් ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් එම වාර්තාව පළකිරීම සති දෙකක කාලයක් ප්‍රමාද විය.

කෙසේ වෙතත් ලබන 17 වනදා එම වාර්තාවේ පැවැති දෝෂ සියල්ල නිවැරදි කර රජයේ මුද්‍රණාලයට එම වාර්තාව ලබාදීමට නියමිත බවත් රජයේ මුද්‍රණාලය එම කොට්ඨාස සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව ගැසට් කරන බවත් ‍කමල් පද්මසිරි මහතා වැඩිදුරටත් පැවැසීය.

 

No comments:

Post a Comment

Post Bottom Ad