ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ලොව තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, තොරතුරු දැන ගැනීමේ නීතින් ශ්‍රේණිගත කරනු ලබන කැනඩාවේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නවතම වාර්තාවක් අනුවයි.
ශ‍්‍රී ලංකාවේ තොරතුරු පනත ලෝකයේ හොඳම හත්වැනි පනත ලෙස ශ්‍රේණිගත කර තිබූ අතර ඊට මාස කිහිපයකට පසු එය නව වන ස්ථානයට පත් වුණා. එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කරන ලද නීති හා රෙගුලාසි සැලකිල්ලට ගනිමින් ශ‍්‍රී ලංකාවට හිමිව තිබූ ලකුණු ප‍්‍රමාණය දහයකින් ඉහළ ගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම නීති හා රෙගුලාසි ගැසට් කෙරුණේ තොරතුරු දැන ගැනීමේ කොමිසමේ ද සහයෝගය සහ එකඟත්වය මත බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්.
Friday, February 10, 2017
ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය ලොව තුන්වන ස්ථානයට
Tags
# ප‍්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප‍්‍රවෘත්ති
Labels:
ප‍්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment