කොටවෙහෙරේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 10, 2017

කොටවෙහෙරේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

කුරුණෑගල කොටවෙහෙර නාලගමුව ප‍්‍රදේශයේ දී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු වෙඩි තැබීම සිදු කළ ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගත් බවයි කොටවෙහෙර පොලිසිය පැවසුවේ. 43 හැවිරිදි එම සැකකරු නාලගමුව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad