කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් හේතුවෙන් මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් ඇතුළු පුද්ගලයින් 5 ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අම්බලම ආසන්නයේ නවතා තබා තිබු ජිප් රථයක් මාර්ගයේ ආපස්සට ධාවනය වී ඇති අතර එය නතර කර ගැනීමට නොහැකි වීමෙන් අඩි 100 ක පමණ ප්‍රපාතයට ඇද වැටී ඇති බව වාර්තා වේ.
මේ වන විට තුවාල ලැබු වජිර හිමියන් ඇතුළු පිරිස මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතළ තත්ත්වයේ පසුවෙන එක් අයෙක් කෑගල්ල රෝහල වෙත මාරු කර යවා තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු මාවනැල්ල පොලීසිය මඟින් සිදු කරනු ඇත.

No comments:
Post a Comment