කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාවට සුනඛයන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාවට සුනඛයන්

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාවට සුනඛයන්

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා සුනඛයින් යෙදවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 

ගුවන් මගීන්, කාර්ය මණ්ඩල, මෙහෙයුම් කාර්ය මණ්ඩල හා ‍පොදු මහජනතාව ඇතුළු සිවිල් ගුවන් සේවාවේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

එවැනි ආරක්ෂක ක්‍රමවේදයක් වශයෙන් පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, මුදල් හා නීති විරෝධී ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට මෙම සුනඛයින් පුහුණු කිරීමට නියමිතය.

මේ සඳහා සුනඛ පැටවුන් 20ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad