ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක: ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් මන්ත්‍රීවරු ඉවත්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක: ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් මන්ත්‍රීවරු ඉවත්වෙයි

ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක: ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් මන්ත්‍රීවරු ඉවත්වෙයි

ව්‍යවස්ථාදායක සම්පාදක අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.  

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල, තාරක බාලසූරිය, විදුර වික්‍රමනායක, බන්ධුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,  පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අනුකමිටුවල සිටි මන්ත්‍රීවරුන් එම අනුකමිටු වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ සැඟවුණු, ගුප්ත, යටි කූට්ටු භාවය හේතුවෙන් මෙසේ එම අනුකමිටුවලින් ඉවත් වීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

ව්‍යවස්ථා සම්පාදක අනුකමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉවත්වීමට තීරණය කර ඇතත් ප්‍රධාන මෙහෙයුම් කමිටුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරුන් ඉවත් වීමේ තීරණයකට එළැඹ නැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 

No comments:

Post a Comment

Post Bottom Ad