ගම්මන්පිල - වාසුත් ඉවත්වෙයි: විමල්ගේ ඉවත්වීම ගැන මහින්ද කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 25, 2017

ගම්මන්පිල - වාසුත් ඉවත්වෙයි: විමල්ගේ ඉවත්වීම ගැන මහින්ද කතා කරයි

ගම්මන්පිල - වාසුත් ඉවත්වෙයි: විමල්ගේ ඉවත්වීම ගැන මහින්ද කතා කරයි
ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත් වූවත් ඒකාබද්ධ විපක්‍ෂය සමග දිගටම සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එමෙන්ම වාසුදේව නානායක්‌කාර සහ උදය ගම්මන්පිල මහත්වරුන් සන්ධානයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂය සමග කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. වාසුදේව නානායක්‌කාර මහතා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා උදය ගම්මන්පිල මහතා නායකත්වය දෙන පිවිතුරු හෙළ උරුමය සන්ධානයේ සාමාජිකත්වය නොදරන පක්‍ෂ බැවින් ඔවුන් සන්ධානයෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ පක්‍ෂවලින් පෙනී සිටීමට ඉල්ලා ඇත.
මෙම පක්‍ෂ සන්ධානයෙන් ඉවත්වූවත් ඒකාබද්ධ විපක්‍ෂය සමග දිගටම කටයුතු කරන බව එම පක්‍ෂ නායකයෝ පැවසූහ. නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයේදී පෙරේදා (23) ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad