ජය ලලිතාගේ අනුප්‍රාප්තිකා ශෂිකලාගේ මහඇමතිනි සිහිනය බොඳවේ - අවුරුදු 4 ක් හිරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ජය ලලිතාගේ අනුප්‍රාප්තිකා ශෂිකලාගේ මහඇමතිනි සිහිනය බොඳවේ - අවුරුදු 4 ක් හිරේ

තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක්‌ හා ඉන්දීය රුපියල් කෝටි 10 ක දඩයක්‌ නියම කරනු ලැබීය.

ශෂිකලා වහාම
අධිකරණය වෙත භාරවිය යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 61 හැවිරිදි වියේ පසුවන ශෂිකලාට එරෙහි දූෂණ නඩුව වසර 21 ක්‌ තිස්‌සේ විභාග විය. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව නිසා ඇයට වසර 10 ක්‌ යනතුරු මහ ඇමැති ධුරයට පත්විය නොහැක.
ඉන්දීය රුපියල් කෝටි 66 ක්‌ වූ දූෂණ නඩුවේ දෙවැනි සැකකාරිය වූයේ ඇයයි. මෙම දූෂණ නඩුවට අදාළ සියලු ලියකියවිලි ඉන්දීය රහස්‌ පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ශෂිකලා මෙන්ම මෙම දූෂණ නඩුවේ පළමු විත්තිකාරිය වූයේ හිටපු මහ ඇමැති ජයලලිතායි.


No comments:

Post a Comment

Post Bottom Ad