රජයේ අවුලක්! ජනපතිගෙන් අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

රජයේ අවුලක්! ජනපතිගෙන් අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙසක්

රජයේ අවුලක්! ජනපතිගෙන් අගමැතිගෙන් ඇමැතිවරුන්ට උපදෙසක්
වෘත්තීය සංගම් මුහුණ දී ඇති ප්‍රශ්න අවබෝධ කරගෙන ඒ පිළිබඳව එම සංගම් සමඟ සුහදව හා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතනවල වෘත්තීය ප්‍රශ්න සම්බන්ධයෙන් ඇතැම් අමාත්‍යවරුන් දක්වා ඇති ප්‍රතිචාර ගැන ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා නොසතුට පළ කර ඇත. ඒ හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී රජයේ පැවැත්මට හානිකර තත්ත්වයක් උදා වී ඇතිවා පමණක් නොව ජනතාව පීඩාවට පත්ව ඇතැයිද ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

කැබිනට් අමාත්‍යවරුන් ලෙස වෘත්තීය සමිති ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් දූරදර්ශීව සොයා බලා කටයුතු නොකිරීම නිසා ඒවාට විසඳුම් ලබාදීම සඳහා මැදිහත් වීමට තමන්ට සිදුව ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෘත්තීය සමිතිවල විශ්වාසය දිනා ගැනීම කැබිනට් අමාත්‍යවරුන් සතු වගකීමක් බවද පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad