ශ්‍රීලනිප - එජාප මන්ත්‍රී පිරිසකට මහින්ද පක්ෂයේ ඉඩක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ශ්‍රීලනිප - එජාප මන්ත්‍රී පිරිසකට මහින්ද පක්ෂයේ ඉඩක්

ශ්‍රීලනිප - එජාප මන්ත්‍රී පිරිසකට මහින්ද පක්ෂයේ ඉඩක්
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රිවරු 97දෙනකු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ඉල්ලුම්පත්‍ර අංක දැනටමත් යොමු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 37 දෙනකු සඳහාත්, ශ්‍රීලනිප අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 60 දෙනකු වෙනුවෙනුත් මේ සාමාජිකත්ව ඉල්ලුම් පත්‍ර වෙන්කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරු හා ශ්‍රීලනිපයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අනෝන්‍ය එකඟතාව මත කටයුතු කිරීමට දැනට තීරණය කර ඇති බවද වාර්තා වේ.

ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගතහොත් ඔවුන් දැනට දරනු ලබන මන්ත්‍රි ධුර අහෝසි විය හැකි අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රිවරු මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරීම වැදගත් එම පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

එක්සත් ජාතික පක්ෂයේත්, නියෝජිතයන් කිහිපදෙනකු සඳහාද පොදුජන පෙරමුණේ සාමාජිකත්ව ඉල්ලුම් පත්‍ර දැනටමත් වෙන් කර ඇති බව වැඩිදුරටත් ඔහු පැවසී ය. 

No comments:

Post a Comment

Post Bottom Ad