රාජපක්ෂලාට මඩ ගහන පොන්න මංගල පාර්ලිමේන්තුවේදි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර මඩ ගසන්නට ගිහින් වික්‍රමසිංහලාගේ කටු කන බල්ලේකු වන වෙල්විදානගේ පැටිකිරිය යලිත් වරක් අනාවරණය වි තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මංගල කල ප්‍රකාශය ……
ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද පොන්න මංගල පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
නමුත් අදාළ ප්‍රකාශයෙන් පසුව ඒ පිළිබඳව වහාම සොයා බැලිමට කටයුතු කිරිමට ආණ්ඩුවම ක්‍රියාකර ඇති අතර ඒ නුව 2013 වසරේ සිට ෆොන්සේකා හමුදාපතිකම අතහැර දම එජාපයෙ සිරිකොත බඩ ගෑ සරත් ෆොන්සේකාගේ අමෙරිකාවේ ජිවත් වු දියණියන් දෙදෙනාට ආරක්ෂාව සැපයිමට ඇමරිකාවේ සිටි හමුදා සෙබලුන්ට නවාතැන් දිමට සහ ෆොන්සේකාගේ මජර වැඩ කිහිපයකට සම්බන්ධ වු අයට ආරක්ෂාව සැපයිම සදහා මෙම් නිවස භාවිතාකර ඇති බව අනාවරණය වි තිබේ.
ඒ පිළිබඳව වු සාක්ෂි රැසක්ම ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා විසින් අනාවරණය කර ඇති අතර ඒ හේතුව නිසාම ඔහුව පසුගියදා රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.
මේ අතර අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ අදාළ අනාවරණය පාර්ලිමේන්තුව තුල මංගල සමරවිර කිරිමට පෙළැඹී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ උවමනාව මත වන අතර ඒ හරහා ෆොන්සේකා තවත් රනිල්ගේ කටුකන බල්ලෙකු බවට පත්කර ගැනිම සදහා සියුම්ව භාවිතා කිරිමට බවයි.
ගෝඨාගේ පුතුට ආණ්ඩුවේ ගෙයක් නෑ...
බොරුවට උපන් හපන් මංගල සමරවීර ඇමතිතුමාගේ බොරු මාලාවේ නවතම බොරුව තමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතාගේ පුතුට ආණ්ඩුවේ වියදමින් කුලියට ගෙයක් ලබා දුන් බව.ඇත්ත කතාව මේකයි. 2013 සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිපෝනියාවේ ලංකාවේ කොන්සල් ජනරාල් ලෙස පත් කලේ මල්රාජ් ද සිල්වා මහතා.
ඔහු ලොස්ඇන්ජලිස් වල තමන්ගේ නිවසක් තිබෙන නිසා නිල නිවසේ පදිංචි වුණේ නෑ.උත්සව අවස්ථා වල දී පමණයි පාවිච්චි කලේ.එම නිසා නිල නිවස බොහෝ විට වසා දමා තිබුණේ.ඔය වසා දමා තිබුණු නිල නිවස තමයි ආණ්ඩුවෙන් කුලියට ගත් නිවසකට ලොස් ඇන්ජලිස් නුවර තිබුණේ.ඒක ගෝඨාභය මහතාගේ පුතු වෙනුවෙන් කුලියට ගත් බවට බොරුවක් මංගල ඇමතිතුමා කිව්වා.
2013 වසරේ ගෝඨාභය මහතාගේ පුතු ඇමෙරිකාවේ ජීවත් වුණෙත් නෑ.රැකියා කරන සමාගමේ අවශ්‍යතාවයක් අනුව 2013 වසරේ ඔහු සිටියේ මැලේසියාවේ.ජනවාරි 08 රෑ හමුදා කුමන්ත්‍රණය වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඩොලර් බිලියන 18 විදේශ වත්කම් වගේ මේක මංගල ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.
පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල
මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න..
උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ
Tuesday, December 6, 2016
Home
අනාවරණ
බොරුවට උපන් හපන් මංගල අවමංගල වේ…ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගෙදර හිටියේ “ෆෝනීගේ” දියණියන්ගේ ආරක්ෂකයන් ….
බොරුවට උපන් හපන් මංගල අවමංගල වේ…ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ගෙදර හිටියේ “ෆෝනීගේ” දියණියන්ගේ ආරක්ෂකයන් ….
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment