රුපියල වේගයෙන් පිරිහෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

රුපියල වේගයෙන් පිරිහෙයි

මේ වසරේ මුල සිට පසුගිය නොවැම්බර් 28 දින දක්‌වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 2.6 කින් පිරිහීමට ලක්‌ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම මේ කාලයේදී රුපියල යුරෝවලට සාපේක්‌ෂව සියයට 0.3 කින්ද, ජපන් යෙන්වලට සාපේක්‌ෂව සියයට 9.8 කින්ද, කැනේඩියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 5.4 කින් සහ ඕස්‌ට්‍රේලියානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 4.9 කින්ද පිරිහී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථීක පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

මේ අතර ශ්‍රී ලංකා රුපියල ස්‌ටාර්ලින් පවුමට සාපේක්‌ෂව සියයට 15.4 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‌ෂව සියයට 0.2කින් මේ කාලය තුළ ශක්‌තිමත් වී ඇතැයිද එහි තවදුරටත් සඳහන්ය. 

No comments:

Post a Comment

Post Bottom Ad