ක්‍රිකට් ක්‍රීඩාව තුළ විශාල ලෙස සිදුවන අසාධාරණකම් නිසා තමන්ට ” පිටිය” තහනම් කලාපයක් වී ඇති බව තිලිණ තුෂාර පවසනවා. පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට දේශපාලනයට පිවිසීමට අදහසක් ද ඇති බවයි.
එහිදී ඔහු දක්වා තිබූ අදහස් අතරින් තෝරාගත් කිහිපයක් පහතින් දැක්වෙනවා.
කවුද ඔබට අසාධාරණකම් කරන්නෙ?
සුදුසුකම් නැතුව ඉහළ තනතුරුවලට පත්වෙච්ච සහ අද අපි ඉන්න තැන දරාගන්න බැරි පිරිස්.
අසාධාරණයට එරෙහිව යන ඔබේ මතයේ සිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල හිතනවද?
අපේ රටේ අසාධාරණයට එරෙහිව කතා කරන කාටද, කවදද, කොතැනද සාධාරණය ඉටු වුණේ. ක්‍රිකට්‌වලටත් ඕක පොදු සාධකයක් කියන එක මම දන්නවා. ඒත් රටටත් ක්‍රිකට්‌වලටත් තියෙන ආදරය නිසා සද්ද නැතුව ඉන්නත් බෑ.
පවතින ක්‍රමයේ වෙනස් විය යුතු තැන් ලෙස ඔබ දකින්නේ?
කණ්‌ඩායමට ක්‍රීඩකයෙක් තෝරා ගන්න කොට හොඳ මාජින් එකක් තිබිය යුතුමයි. ක්‍රීඩාවට දක්‍ෂ වගේම හොඳ විනයක් තියෙන්නත් ඕන. ඒවා සැලකිල්ලට නොගෙන හැඳුනුම්කම් මත තැන දීමනෙ අද වෙමින් පවතින්නේ. මේ තත්ත්වය මාධ්‍ය හරහා නෙමෙයි අදාළ කෙනෙක් මගෙන් මූණට අහනව නම් සුපිරි විදියට පැහැදිලි කරල දෙන්න මම ලෑස්‌තියි.
එහෙම කෙනෙක් ඉදිරිපත් වුණොත්?
හරිම කැමැත්තෙන් පැහැදිලි කරල දෙනවා. කට කෑවත් මම කියන දේ මූණට කියන කෙනෙක්. ඔය කෙණෙහිලිකම්වලට ඒකත් බලපානවා. වැරද්ද දැකල නිහඬ වෙන්න මට බෑ. ඒ මම නියම පිරිමියෙක් නිසා.
නැවත කවදාවත් ශ්‍රී ලංකා පිලට එකතු වෙන්න බැරි වුණොත්?
අමනයන්ගෙ අමන වැඩ නිසා ඒක එහෙම වෙයි කියල තමයි මටත් හිතෙන්නෙ. එන විදියකට මූණ දෙනවා. නැට්‌ටට ගියත් නැවෙන්නෙ නෑ මොකද මම දකුණෙ විශේෂයෙන්ම බලපිටියෙ එකෙක්.
ඔබේ ඉදිරි බලාපොරොත්තු ගැන සඳහන් කරනවා නම්?
දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබිල තියෙනවා. ඒ ආරාධනාව පිළිඅරන් එතැනින් මට නැගිටින්න පුළුවන් වුණොත් මට වින කරපු අයට සොරි ඩොට් කොම්ම තමයි.
Monday, December 5, 2016
කැපිලි නිසා එළියට ගිය ක්‍රිකට් තරුවකගෙන් ක්‍රිකට් ලොක්කන්ට අනතුරු ඇඟවීමක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment