ඉදිරියේදී තවත් 25000ක් සරසවියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ඉදිරියේදී තවත් 25000ක් සරසවියට

ඉදිරියේදී තවත් 25000ක් සරසවියටලංකාවේ අධ්‍යාපනය ලෝක ශ්‍රම වෙළදපොළට අවශ්‍ය දැනුමෙන් යුත් මිනිසුන් සකස් කරන අධ්‍යාපනයක් විය යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රජයේ අවධානය යොමු වී ඇත්තේ ලෝකයේ ඕනෑම තැනෙක පිළිගන්නා දැනුමක් ඇති පුද්ගලයෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් යැයි ඇමැතිවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මාවනැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී එම ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 700 දෙනෙකුට පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදා දීම වෙනුවෙන් දෙසම්බර් 05 වන දින සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

සරසවි වරම් හිමිවන 25000 ක පිරිසට අමතරව 1,25,000 ට සරසවි වරම් අහිමිවීමේ තත්ත්වය වෙනස් කිරීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ නිසා ඉදිරියේදී තවත් 25000කට සරසවියට ඇතුළත්වීමට හැකි පරිදි සරසවිවල පහසුකම් ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද සඳහන් කළේය.

“නමුත් තවත් පිරිසක් ඉන්නවා බලන්න. ඒ අය ගැන හිතලා අපි උසස් අධ්‍යාපන ආයතනයකින් අවශ්‍යය අධ්‍යාපන පහසුකම් ලබා ගන්න ණය මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad