ශ්‍රී පාදය රැකගැනීමට 'සිංහලේ' පා ගමනක (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ශ්‍රී පාදය රැකගැනීමට 'සිංහලේ' පා ගමනක (PHOTOS)

ශ්‍රී පාදය රැකගැනීමට 'සිංහලේ' පා ගමනක (PHOTOS)

ශ්‍රී පාදස්ථානය රැකගැනීමේ අරමුණින් අද (04) මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිටින් පා ගමනක් ආරම්භ විය.

එය සංවිධානය කර තිබුණේ සිංහලේ ජාතික බලමුළුව විසිනි.

එහි ලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් ප්‍රකාශ කළේ ශ්‍රී පාද රක්ෂිතය මායිමේ සංචාරක හෝටලයක් ඉදිරිකිරීමේ සැලසුම වහාම නතර කළ යුතු බවත් තාවකාලික පිළියම් යෙදීම ප්‍රමාණවත් නොවන බවත්ය.

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ඉදිකිරීමට යන සංචාරයක හෝටලයක් පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍ය ජාල තුළින් ඇරඹි කතාබහ අර්බුදකාරී මට්ටමකට පැමිණියේය.

ශ්‍රී පාදය රැකගැනීම වෙනුවෙන් නව කථීකාවක් ආරම්භ වූයේ ඒ සමගයි.

ඡායාරූප පහතින්

unnamed-1

unnamed-2unnamed

No comments:

Post a Comment

Post Bottom Ad