දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 11, 2016

දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට


පුරාණ ජෛන ආගමේ සිද්ධාන්තයක් අනුගමනය කරමින් උපවාස කිරීමේ ආගමික ක‍්‍රියාවලියක නිරතවෙමින් සිටි 13 හැවිරිදි දැරියක සිරුර අප‍්‍රාණීකවී මියයාමේ සිදුවීමක්
ඉන්දියාවේ දකුණුදිග හයිද්‍රබාද් ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වාර්තාවන ආකාරයට මෙම මිත්‍යා දෘෂ්ටික උපවාසයේ ඇය යෙදී ඇත්තේ ඇගේ දෙමාපියන්ගේ බලපෑම නිසාය. ඇගේ පියා සතුව තිබුණ ස්වර්ණාභරණ ව්‍යාපාරය බංකොලොත්වීමෙන් පසු ඔවුන් අදහන ආගමේ පූජකවරයෙකු පවසා ඇත්තේ පවුලේ දරුවෙකු ‘චතුර්මස්’ උපවාසයේ යෙදීමෙන් නැවත වාසනාව හා සෞභාග්‍යය උදාකරගත හැකි බවකි.


ඒ අනුව ජෛන ආගමේ චාරිත‍්‍රයක් යයි කියමින් 13 හැවිරිදි පාසල් යන වයසේ දියණිය උපවාසයට පෙළඹවූ දෙමාපියන් ඇයව උණුවතුර බේසමක තබා නිරාහාරව තබමින් උපවාසය අරඹන්නට පොළඹවා තිබේ.
අවසානයේ ඇය නිරාහාරව අප‍්‍රාණිකව සිහිනැතිව තිබෙන අතර උපවාසය අවසන් කරන්නට පෙරාතුව මියගියා.
මියගිය දැරිය ආරාධනා ලක්ස්මිචාන්ද් නමැත්තියකි.
කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී දෙමාපියන් දන්වා ඇත්තේ ඇය දින 68 ක් නිරාහාරව කල්ගෙවූ බවකි.
නමුත් වෛද්‍යවරුන්ට එය අදහාගන්නට බැරි කාරණාවක්ව තිබෙන අතර ඇය එතරම් කාලයක් නිරාහාරව සිටියාද යන්න ගැන පරීක්ෂණයක්ද පැවැත්වේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad