අඹු සැමි යුවලකට මරණ දඬුවම (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

අඹු සැමි යුවලකට මරණ දඬුවම (PHOTOS)

අඹු සැමි යුවලකට මරණ දඬුවම (PHOTOS)

1993 වසරේ අම්බලන්තොට, මොදරපිලිවෙල ප්‍රදේශයේදී සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු වූ 03දෙනෙකුට වසර 23ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව හම්බන්තොට පළාත්බද මහාධිකරණ විනිසුරු අජිත් මාසිංහ මහතා විසින් අද (01) දින මරණ දණ්ඩනය නියම කර තිබේ.

මෙසේ මරණ දණ්ඩනය ලබාදී ඇත්තේ අම්බලන්තොට මොදරපිලිවෙල ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි පන්නිල ගමගේ රන්ජිත්, 66 හැවිරිදි ජිනදාස මදවන්ආරච්චි, 61 හැවිරිදා සිරිමා එදිරිසිංහ යන තිදෙනාටයි.

1993 වර්ෂයේ ජනවාරි මස 18 දින හෝ එයට ආසන්න දිනයකදී මිගහලන්දගේ ජයසේන නමැති වයස අවුරුදු 38ක තිදෙරු පියෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්දයෙන් මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන පසුව ඇපමත නිදහස්ව කර තිබේ.

පසුව මියගිය තැනැත්තාගේ බිරිඳ හා දියණියන්ගේ සාක්ෂි මත වසර 23ක් තිස්සේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසුව අද දින මෙසේ මරණ දණ්ඩනය ලබා දී ඇත.

ඡායාරූප පහතින්.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

No comments:

Post a Comment

Post Bottom Ad