බුද්ධි අංශය ඝාතන සඳහා යොදා ගැනීම රණවිරුවන්ට අවමානයක් - ජනක රණවක  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

බුද්ධි අංශය ඝාතන සඳහා යොදා ගැනීම රණවිරුවන්ට අවමානයක් - ජනක රණවක 

බුද්ධි අංශය ඝාතන සඳහා යොදා ගැනීම රණවිරුවන්ට අවමානයක් - ජනක රණවක 

හමුදාවේ බුද්ධි අංශය ඝාතන සඳහා යොදා ගැනීම රණවිරුවන්ට කරන අවමානයක් බව කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසයි.

යුද ජයග්‍රහණයෙන් අනතුරුව එවැනි අනර්ථ ක්‍රියා සිදුව ඇති බව කෝට්ටේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේය.

කෝට්ටේ නාගරික මන්ත්‍රීවරුන් 11දෙනෙකුගේ සභාගිත්වයෙන් පැවැති මේ මාධ්‍ය හමුවේදී ජනක රණවක මහතා සඳහන් කළේ කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයට කෝට්ටේ ජනතාව 2000කට වැඩි පිරිසක් එක්වන බවයි.

පක්ෂ සම්මේලනය කඩාකප්පල් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවද ජනක රණවක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad